ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

 

mr. namalgama

 

එන්.එම්.යූ.පී.කේ. නාමල්ගම මහතා.

ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරී.

 

mr. namalgama si

හැඳින්වීම

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතන අතුරින් එකකි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත මගිනි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන අතරම භාන්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.

දැක්ම

සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙකු බිහි කිරීම.

මෙහෙවර

පාරිභෝගික සවිබල ගැන්වීම, වෙළෙඳාම විධිමත් කිරීම සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම.

ආයතනික ඉලක්ක

  • වෙළෙඳාම විධිමත් කිරීම තුළින් වඩාත් තෘප්තිමත් වූ පාරිභෝගිකයින් බිහි කිරීම.
  • අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලදී පාරිභෝගිකයාට සහන සැළසීම.
  • අධ්‍යාපනය සහ දැනුවත් කිරීම තුළින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම.
  • තරඟවිරෝධී චර්යාවන්ට එරෙහිව වෙළෙන්දන් හා සාදන්නන් ආරක්ෂා කරමින් යහපත් තරඟකාරිත්ව ප්‍රවර්ධනය කිරීම.
  • අධිකාරියෙහි කටයුතු පුඵල් කිරීම තුළින් ආයතනික සංවර්ධනය ළඟා කර ගැනීම.

සේවාවන්

1. පාරිභෝගික පැමිණිලි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇති විධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ බලය අධිකාරියට ඇත.

ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝ වැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.

2. වෙළෙඳ විෂමාචාර පාලනය

අධිකාරිය විසින් පනවනු ලබන නියෝග හා විධානයන් කඩ කරනු ලබන වෙළෙදුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෙළෙඳපොළ වැටලීම් කටයුතු නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි. මෙම වැටලීම් මගින් වෙළෙඳුන්ගේ වෙළෙඳ විෂමාචාර පාලනයට විශාල රුකුලක් ලැබෙන අතර එමගින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා වේ.

මෙම වැටලීම්මගින් අත්අඩංගුවට ගනු ලැබූ වැරදිකරුවන් අධීකරණයට ඉදිරිපත් කර පනතට අනුව දඬුවම් ලබා දීම සිදු කෙරේ.

3. පාරිභෝගික අධ්‍යාපනය

පාරිභෝගික අධිකාරියේ මූලිකම කාර්යයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍ය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දීම දැක්විය හැකිය. ඒ යටතේ පහත කාර්යයන් සිදු කරයි

  • පාරි‍භෝගික උළෙලවල් සංවිධානය කිරීම
  • පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • අන්තර් පාසල් චිත්‍ර, රචනා හා නාට්‍ය තරඟ පැවැත්වීම
  • දිවයිනේ සියලුම පාසල් සිසුන් අතර දැනුම මිනුම තරඟයන් පැවැත්වීම
  • ජනමාධ්‍ය හරහා දැනුම බෙදා හැරීම

4. තරඟකාරීත්ව ප්‍රවර්ධනය

  • මහජන යහපතට පටහැනිව සිදුවන තරඟ විරෝධී චර්යා වෙනුවෙන් මැදිහත් වීම.


අධිකාරිය සිය මෙභෙයවීමන් මහජන යහපතට පටහැනිව සිදුවන අසාධාරණ වෙළෙඳ පිළිවෙත් හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධ විමර්ශන පැවැත්වීම සිදුකෙරේ.

  • වෙළෙඳ ප්‍රජාව විසින් එවනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීම.


වෙළෙඳ ප්‍රජාව හෝ වෙළෙඳ සංගම් විසින් අධිකාරිය වෙත එවනු ලබන පැමිණිලි සම්බන්ධව මතුපිටින් පෙනෙන සාක්ෂි මත පූර්ණ සහ විධිමත් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ විධිමත් වාර්තාවක් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවට ඉදිරිපත් කරනු ලැබේ.

එකී වාර්තාව අනුව සහ අවශ්‍ය නම් සභාව විසින් වැඩිදුර කරුණු විමසා බලා එහි මහජන යහපතට හානිකර තරඟ විරෝධී චර්යාවක් සිදු වන්නේ නම් එකී ක්‍රියාව නැවැත්වීමට හෝ එසේ නොවන්නේ නම් එකී ක්‍රියාවම පවත්නාගෙන යාමට ඉඩ සැලසෙන නියෝගයක් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

5. වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු

  • ප්‍රධාන ආර්ථික අංශ/තරගකාරිත්වය පිළිබඳ ගැටලු බහුලව දැකිය හැකි කර්මාන්ත
  • අදාළ කර්මාන්තවල වෙළඳපොල ව්‍යුහයන් පිළිබඳ තොරතුරු
  • වෙළඳපොලව්‍යුහයන් මගින් තරග විරෝධී චර්යාවන් කෙරෙහි දැනට පවතින හා ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම.

මෙම අධ්‍යයනයන් පදනම් කර ගනිමින් වෙළඳපොල තුළ තරගකාරීත්ව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ. එබැවින් වෙළඳපොල තුළ නිරන්තරයෙන් සිදුවන තරගකාරිත්ව තත්වයන් පරික්ෂා කිරීම සඳහා වෙළඳපොල තොරතුරු පද්ධතියක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.