![]() |
Divisional Secretariats
Special online Services

Monaragala District secretariat has launched the program “Tell to GA” with the aim of strengthening the public service providing process by enhancing the procedure of submitting public issues, Grievances and suggestions directly and efficiently to the district secretary and responding Quickly
Tell to GACorona (Covid-19) Prevention Program - Monaragala District
District Report
All island Report
District Steering Committee (COVID-19)
Read MoreMeeting & GA Programme
News & Events
Government Service Centers
Right to Information
තොරතුරු දැනගැනීමේ අයිතිය
පනත -2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම් කළ නිලධාරියා
|
ගුණදාස සමරසිංහ මහතා
තනතුර: දිස්ත්‍රික් ලේකම්
ලිපිනය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොනරාගල.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: 055 2276235
Fax: 055 2276025
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
තොරතුරු නිලධාරී
|
චන්දන ලොකුහේවගේ මහතා
අතිරේක දිස්ත්‍රික් ලේකම්
දුරකතන : 055 2276235
ජංගම : 071 8714219
ෆැක්ස් : 055 2276025
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
Branch