![]() |
Mr. Indika Gayan Pathirana Assistant Election Commissioner
|
දැක්ම
ශ්‍රී ලාංකික පුරවැසියන් සතු “සර්වජන ඡන්ද බලය” සුරැකීම.
මෙහෙවර
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති හෙයින්ද, පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත්වන හෙයින්ද, එකී ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම හා භුක්ති විදීමේදී ජනතාව සතු ව්‍යවස්ථාදායක හා පාලන බලතල ක්‍රියාත්මක කිරීම පිණිස මහජන නියෝජිතයින් පත්කර ගැනීම සඳහා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම ඇතුළු ඒ හා සැබැඳි අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග ගැනීම.
සේවාවන්
- මැතිවරණයක් ප්‍රකාශයට පත් කල පසු මොණරාගල දිස්ත්‍රික්කය තුල නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියළු කාර්යයන් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
- වාර්ෂිකව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අදාලව මොණරාගල දිස්ත්‍රික්කයේ කටයුතු සිදුකිරීම
- ජූනි 01 දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව, ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචි වීමේ වැදගත් කම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රිකකයේ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පළාත් පාලන ආයතන, පළාත් සභා මන්ත්‍රීධූර පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාල කටයුතු.
- සීමා නීර්ණය කිරීමේ කටයුතු සඳහා සීමා නීර්ණය කිරීමේ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දීම.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අදාල ආකෘති
- ඡන්දහිමි නාමලේඛනයෙහි තැනැත්තෙකුගේ නම ඇතුළත් කරවා ගැනීම හෝ තබාගනු ලැබීම සඳහා ඒ තැනැත්තා විසින් ම කරනු ලබන හිමිකම්පෑමේ ආකෘතිය. (‘අ’ ආකෘතිය)
- ඡන්දහිමි නාමලේඛනයෙහි තැනැත්තෙකුගේ නම ඇතුළත් කරවා ගැනීම හෝ තබාගනු ලැබීම සඳහා ඒ තැනැත්තා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තෙකු විසින් කරනු ලබන හිමිකම්පෑමේ ආකෘතිය (‘ආ’ ආකෘතිය)
- ඡන්දහිමි නාමලේඛනයෙහි නමක් ඇතුළත් කිරීම හෝ තබාගැනීම සම්බන්ධයෙන් විරෝධය පෑමේ ආකෘතිය(‘ඇ’ ආකෘතිය)
- හිමිකම් පාන්නකුගේ නම ඡන්දහිමි නාමලේඛනයෙහි ඇතුලත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමේ ආකෘතිය(‘ඈ’ ආකෘතිය)
ඡන්ද හිමි නාමලේඛන උධෘත ලබා ගැනීමට අදාල ආකෘති
- ඡන්ද හිමි නාමලේඛන උධෘත ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රය
- අධිකරණයේ නඩුවක් පැවරීම සඳහා උධෘත ඉල්ලුම් කිරීමට නීතිඥවරයා මගින් ඉදිරිපත් කල යුතු ආකෘති පත්‍රය
- අධිකරණයේ පවතින නඩුවක් සඳහා උධෘත ඉල්ලුම් කිරීමට නීතිඥවරයා මගින් ඉදිරිපත් කල යුතු ආකෘති පත්‍රය
- වර්ෂ 05ක තොරතුරු සටහන් කර ගැනීම සඳහා ආකෘති පත්‍රය